ජගත් පරිසර සමුඵවට ජනාධිපතිතුමාගෙන් නව යෝජනා 4 ක්

Share Button

සුරක්‍ෂිත පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය සහතික කිරීම සහ තිරසර ගෝලීය ආර්ථික දර්ශකය මත පදනම් වු පරිසර හිතකාමී ආර්ථික ප්‍රවනතා හදුන්වාදීම වර්තමානයේ සියඵ දෙනාගේ වගකීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කියයි.

කෙන්යාවේ නයිරෝබී නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුඵවේ සිව්වන සැසිවාරය අමතා විශේෂ දේශනයක් පවත්වමින් එතුමා ඒ බව සදහන් කළේය. බෞද්ධයෙකු වන තමන් මානව වර්ගයාගේ පෝෂණය සුරක්‍ෂිත කිරීමට පමණක් නොව සමස්තයක් වශයෙන් ලොව සෑම ජීවියෙකුගේම පැවැත්ම තහවුරු කිරීමට බැදී සිටින බව ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍රී ලංකාව සොබාදහමින් මෙන්ම සංස්කෘතික උරුමයන්ගෙන්ද පොහොසත් රටකි. රටේ සමාජ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සදහා සොබාදහමට නෑකම් කියන තිරසර ව්‍යාපාර සදහා ප්‍රාග්ධනය යෙදවීමට තමන් කැමැත්තෙන් පසුවන බව පැවසු ජනාධිපතිතුමා එවැනි තත්ත්වයක් හමුවේ එක්සත් ජාතීන්ගේ පරිසර සමුඵවේ සිව්වන සැසිය ශක්තිමත් පදනමක් හා මෙවලමක් ලබාදෙන බවද සදහන් කළේය.

දේශගුණික විපර්යාසවලට එරෙහිව සටන් කිරීම සදහා පෙර නොවුවිරු ආකාරයේ ගෝලීය කැපවීමක් පෙන්නුම් කරන පැරිස් ගිවිසුමට ශ්‍රී ලංකාව අත්සන් තබා තිබේ.

2019 ගෝලීය දේශගුණික අවදානම් දර්ශකයේ ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට වැඩිම අවදානමක් ඇති රට ලෙස නම් කිරීම හේතුවෙන් දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනිමට ශ්‍රී ලංකාව දැඩිව කැපවී සිටින බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ගෝලීය පරිසර ගැටඵ සදහා දරිද්ර්‍‍රතාව සුවිශේෂි හේතුවකි. පාරිසරික පරිහානය සහ දරිද්‍රතාව අතර සනීප සම්බන්ධතාවක් පවතී.

විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල එය වෙන්කළ නොහැකි සම්බන්ධතාවක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් එක්සත් ජාතින්ගේ පරිසර සමුඵවේ සිව්වන සැසිවාරයට යෝජනා 4 ක් ඉදිරිපත් කෙරිණි.

කඩොලාන තිරසර ලෙස කලමනාකරණය . ආහාර නාස්තිය සහ අපතේයාම කළමනාකරණය. සමුද්‍රික කසල සහ ක්‍ෂුද්‍ර ප්ලාස්ටික් කළමනාකරණය. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන ක්‍ෂේත්‍ර යටතේ එම යෝජනා ඉදිරිපත් කෙරිණි.

පරිසර ඇමතිවරයෙකු ලෙස මෙන්ම රාජ්‍ය නායකයෙකු ලෙස පරිසරය සුරැකීම සදහා ශ්‍රී ලංකා ජනාධිපතිතුමා දක්වන කැපවීම සමුඵවට සහභාගී වු සැමගේ විශේෂ ඇගයීමට ලක්විය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *