2016 – 2017 මයිලෝ ශ්‍රි ලංකා පාසල් වර්ණ ප්‍රදානෝත්සවය

Share Button

2016. 2017 මයිලෝ ශ්‍රි ලංකා පාසල් වර්ණ ප්‍රදානෝත්සවය කොළඹ බණඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදි ලබන මස 04  වැනිදා පැවැත්වේ.

ඇමති අකිල විරාජ් කාරියවසම් හා රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරන් යන මහත්ම මහත්මීහු ප්‍රධාන ආරාධිතයෝ වෙති. අදාල වර්ෂවල ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වු ක්‍රිඩක ක්‍රිඩිකාවන් එහිදි ඇගයිමට ලක්කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රිඩා උපදේශක සුනිල් ජයවීර මහතා කියයි.

2016 වසර සඳහා ක්‍රිඩක ක්‍රිඩිකාවන් 519 දෙනෙකු ද 2017 වර්ෂය සඳහා ක්‍රිඩක ක්‍රිඩිකාවන් 497 දෙනෙකු ද එහිදි වර්ණ ලැබිමට නියමිතයි. ක්‍රිඩා ඉසව් 30 ක් වර්ණ ප්‍රදානෝත්සවයට ඇතුලත්ය. නෙස්ලේ ආයතනය වර්ණ ප්‍රදානෝත්සවය සඳහා අනුග්‍රහය දක්වයි.

පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදි නෙස්ලේ ආයතනයේ උපසභාපති බන්දුල එගොඩගේ මහතා පැවසුවේ ගෙවිගිය වසර 25 තුල පාසල් ක්‍රිඩාවේ අභිවෘද්ධිය උදෙසා තම ආයතනය කැපවී ක්‍රියා කළ බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *