රටේ ආර්ථිකය යහපත් අතට හැරෙමින් පවතිනවා – අගමැති

Share Button

ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචිකිරීමේ හා පුනරුත්ථාපන. උතුරු පළාත් සංවර්ධන. වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යංශවල වැය ශීර්ෂ පිළිබඳ පාර්ලිමේන්තුවේදි අද සාකච්ඡා කෙරිණි.

සාකච්ඡාවට එක්වු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථිකය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව පැවසීය. කොටස් වෙළඳපල ද ඉහළ යමින් පවති. වසර 70 කට පසුව අයවැය ප්‍රාථමික ගිණුම් ශේෂයේ අතිරික්තයක් ඇතිවී තිබේ.

රට පුරා නිවාස ඉදිවෙමින් පවති. ඉඩම්වල සින්නක්කර අයිතිය ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි. දෙවන තෙල් පිරිපහදුව හම්බන්තොට ඉදිකෙරේ. ත්‍රිකූණාමලයේ වෙළඳ කලාපයක් ආරම්භ කෙරෙන අතර වානේ කම්හලක් එහි පිහිටුවීමට නියමිත බව අගමැතිවරයා පැවසීය.

ඇමති දයා ගමගේ මහතා සාකච්ඡාවට එක්වෙමින් අගාදයට වැටී තිබූ රට යළි ගොඩගැනිමට රජයට හැකිවු බව පැවසීය. රට වෙනුවෙන් රටේ දරුවන් වෙනුවෙන් කළ හැකි සියලුදේ කරන බවට ඔහු සහතික විය.

රටේ ද්‍රරිද්‍රතාව තුරන් කිරිමට රජයට වැඩපිළිවෙලක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රි කාදර් මස්ථාන් මහතා පැවසුවේ උතුරේ ජන ජීවිතය මේ වන විට මුඑමනින්ම යථා තත්ත්වයට පත්ව ඇති බවයි. ගොවිජනතාවට වී අලෙවි කරගැනිමේ ගැටඑ පවතින බව පාර්ලිමේන්ත්‍රි විජිත බේරුගොඩ මහතා පැවසීය.

රාජ්‍ය ඇමති ජේ සී අලවතුවල මහතා පැවසුවේ රටපුරා එකසේ පැතිරුණු සංවර්ධන වැඩපිළිවෙලක් රජය ආරම්භ කර ඇති බවයි. ගම්පෙරළිය වැඩසටහනට රුපියල් කෝටි 4800ක් වෙන්කර ඇතැයි ද ඔහු සඳහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *