පාසල් සංවර්ධනය කිරිමේ රජයේ වැඩපිළිවෙල පාර්ලිමේන්තුවේදි ඇගයිමට ලක්වෙයි

Share Button

අයවැය කාරක සභා අවස්ථාවේ තෙවැනි දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යංශයේ සහ නගර සැලසුම් . ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශිර්ෂ පිළිබඳ අද සාකච්ඡා කෙරිණි.
වත්මන් රජය යටතේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කිරිමට හැකි වු බව සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා පැවසිය ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් රැසක් සංවර්ධනය කිරිමට හැකි විය. වතුකරයේ පාසල් 144 ක් සංවර්ධනය කිරිමට පසුගිය වසරේ වෙන් කර තිබූ මුදල රුපියල් මිලියන 450 කි . ඉන්දියානු රජයද ඊට රුපියල් මිලියන 300 ක් ලබා දුන්නේය .වතුකරයේ පාසල් වලට තවත් ගුරුවරුන් 2500 දෙනෙකු බූඳවා ගැනිමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කිරිම රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයිමට ලක්විය .
පසුගිය තෙවසර අධ්‍යාපනයේ ස්වර්ණමය යුගය බව සාකච්ඡාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පැවසුවාය . ළගම පාසල හොඳම පාසල ව්‍යාපෘතියෙන් දුෂ්කර පාසල්වලට පහසුකම් සැපයිමට හැකිවිය. වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනය සහතික කිරිමෙන් රැකියා වෙළෙඳපල ජයගත හැකි තරුණ ප්‍රජාවක් බිහි කිරිමට හැකිවේ . සුදුසුකම් සහිත සියලු දෙනාට අධ්‍යාපන ක්ෂේත්‍රයට පිවිසිමේ අවස්ථාව ලබාදි ඇත. පාසල් විෂය නිර්දේශ සංශෝධනය කිරිමේ අවශ්‍යතාවද ඇය අවධාරණය කළාය.

උතුරු හා නැගෙනහිර පළාත්වල පාසල් සංවර්ධනය කිරිම රජය කටයුතු කිරිම පිළිබඳ තම ස්තුතිය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සිනිතම්බි යෝගේෂ්වරන් මහතා සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේය අධ්‍යාපන අමාත්‍යංශයේ හින්දු ආගමික උපදේශක මණ්ඩලයට හින්දු ආගම පිළිබඳ විද්වතුන් පත් කළ යුතුය. නැගෙනහිර පළාතේ ස්වෙච්ඡා ගුරුවරුන් 445 දෙනෙකුගේ සේවය ස්ථිර කරන ලෙසද එහිදි
පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමදු නසීර් මහතා සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේ දෙමළ මාධ්‍ය ගුරු හිගයට විසදුම් ලබාදිමට ක්‍රියා කළ යුතු බවයි. අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් හා නගර සංවර්ධනය කිරිමට රජය කටයුතු කිරිම ඔහුගේ ඇගයිමට ලක්විය.
වර්තමානයේ බොහෝ දරුවන් පෙරවරුවේ පාසලේදිත් පස්වරුවේ අමතර පන්ති වලත් අධ්‍යාපනය ලබන බැවින් ඔවුන්ට ක්‍රිඩාව වැනි බාහිර ක්‍රියාකාරකම්වලට යොමු විමට අවස්ථාවක් නොමැති බව සාකච්ඡාවට එක්වෙමින්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවසිය. එහි වෙනසක් ඇති කළ යුතුය. පාසල්වල පහසුකම් වැඩි කිරිමට කටයුතු කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.

උතුරු පළාතේ කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව වැඩිකිරිමට පියවර ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය සාකච්ඡාවට එක්වෙමින් සදහන් කළාය. උතුරු හා නැගෙනහිර පළාත්වල සේවය කරන ස්වෙච්ඡා ගුරුවරුන්ගේ සේවය ස්ථිර කිරිමට කටයුතු කිරිමේ අවශ්‍යතාව ඇය පෙන්වා දුන්නාය .
සාකච්ඡාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ ආබාධිත සිසුන්ට ඔවුන් පදිංචි ප්‍රදේශවලට ආසන්න විශ්ව විද්‍යාල වලට ඇතුළත්විමට අවස්ථාව ලබාදිය යුතු බවයි. විදුහල්පති හා ගුරු සේවයේ වැටුප් විෂමතා වලට ස්ථාවර විසදුමක් ලබාදිය යුතු බව ද ඔහු පැවසිය.

අධ්‍යාපනය නව මගකට යොමු කිරිමට රජයට හැකි වු බව සාකච්ඡාවේදි පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා පැවසිය. මානව සම්පත දියුණු කිරිමට හොද අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය වනබැවින් ඊට අඩිතාලම සකසා ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *