ශි්‍ ලංකා දකුණු අප්‍රිකා පස්වන එක්දින ක්‍රිකට් තරගය අදයි

Share Button

ශ්‍රීී ලංකාවත් දකුණු අප්‍රිකාවත් අතර පස්වන අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද කේප්ටවුන් හිදි පැවැත්වේ. දිවා රාත්‍රි තරගයක් වන මෙය ශ්‍රීි ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට ඇරඹේ. තරගාවලියේ පළමු තරග 4 පහසුවෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වුහ. අද තරගයට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වෙනසක් සිදු නොවනු ඇතැයි වාර්තාවේ.

ශ්‍රීි ලංකා කණ්ඩායම වෙනුවෙන් නවක ක්‍රීඩක ප්‍රියමාල් පෙරේරාට අවස්ථාවක් ලැබෙනු ඇතැයි වාර්තාවේ. ශ්‍රිී ලංකා සංචිතයේ සිටින සෑම ක්‍රිඩකයෙකුටම තරගාවලියේ අවස්ථාවක් ලබාදීමට තීරණය වී තිබුණි. මෙම තරගයේ දී ශ්‍රීී ලංකා පුහුණුකරු ලෙස ස්ටීව් රික්සන් මහතා කටයුතු කරයි. තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා සිටින්නේ දකුණු අප්‍රිකානු පිලේ කඩුලු රකින්නා මෙන්ම ආරම්භක පිතිකරු ද වන ක්වින්ටන් ඩී කොක්ය. ඔහු ඉකුත් තරග හතරේ දී ලකුණු 347 ක් රැස් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *