නවසිීලන්ත ප්‍රහාරයේ සැකකරු අද අධිකරණයට.- ප්‍රහාරයට ගිනි අවි 5 ක් යොදා ගෙන ඇති බව හෙලි වෙයි

Share Button

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි මුස්ලිම් පල්ලි 2 ක් ඉලක්ක කර ගනිමින් එල්ල වු වෙඩි ප්‍රහාරය පිළිබදව ආගමික නායකයෝ මෙන්ම ලෝක නායකයෝ ශෝකය පළ කරති. සිද්ධියෙන් පුද්ගලයෝ 49 දෙනෙක් මිය ගියහ. ශුද්ධෝත්තම ප්‍රුන්සිස් පාප් වහන්සේ ද ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය පළ කර තිබෙ.් බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහ රැජින . චාල්ස් කුමරු ද ඒ අතර වෙති. ඊට අමතරව බ්‍රිතාන්‍ය . පකිස්ථාන අගමැතිවරුන් ඇමරිකානු ජනාධිපති . ඉන්දීය අගමැති ඇතුඵ තවත් රටවල් රැසක නායකයින් ශෝකය පළ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ජාතික 28 හැවිරිදි තරුණයෙකු ඇතුඵ තිදෙනෙක් අත්අඩංගුවට පත්වුහ. ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ මෙම පුද්ගලයා අන්තවාදියෙකු බවයි. ප්‍රධාන සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කෙරේ. මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ බංග්ලාදේශ ක්‍රීඩකයෝ ප්‍රහාරය එල්ල වු මුස්ලිම් පල්ලියක යාච්ඥාවක නිරතව සිටියහ.. ඔවුන් කිසිවෙකුට හෝ හානියක් නොවීය. එහෙත් දෙරටේ ක්‍රිකට් පාලක මණ්ඩල සාකච්ඡා කර සංචාරය අතහැර දැමු බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කරයි.

නවසීලන්ත අගමැතිනි ජෙසින්දා ආර්ඩන් පැවසුවේ මෙය ත්‍රස්ත ක්‍රියාවක් බවයි. නවසීලන්ත භුමියේ එවැනි ක්‍රියා සදහා ඉඩක් නැතැයි ඇය අවධාරණය කළාය. මෙය නවසීලන්ත ඉතිහාසයේ එක් අඳුරුතම දිනයක් බව ඇය කීවාය. නවසීලන්තය සාමකාමී රටක් බවත් හිංසාකාරි ක්‍රියාවලට ඉඩ නැති බවත් ඇය කියයි. මේ අතර තුවක්කුකරුවාට ගිනිඅවි බලපත්‍රයක් ද ඇතැයි ඇය හෙලි කළාය. මේ සදහා තුවක්කු 5 ක් උපයෝගී කර ගෙන තිබෙ.් මෙම තත්ත්වය හමුවේ තම රටේ ගිනි අවි නීති වෙනස් කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *