රැකියාවට මග කියන නයිටා ජාතික ක්‍රියාන්විතය අද ඇරඹේ

Share Button

මෙරට ශ්‍රම බලකාය සවිබල ගැන්වීමේ අරමුණින් ව්‍යාපෘති ගණනාවක් වත්මන් රජය ක්‍රියාත්මක කර ඇතැයි ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිම් අධිකාරියේ සභාපති නසීර් අහමඩ් මහතා පවසයි. ජාත්‍යන්තර ශ්‍රම වෙලෙදපොලට නිපුණ ශිල්පීන් බිහි කිරීම ද එහි පරමාර්ථ අතර වෙයි. මෙතෙක් විදේශ ශ්‍රම වෙලෙදපොල ගොඩනැගී තිබුණේ මැදපෙරදිග කලාපයටය. එහෙත් අනාගතයේදී එම වෙළෙදපොල අග්නිදිග ආසියාතික හා යුරෝපීය කලාපවලට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ. මේ සදහා අවශ්‍ය විවිධ භාෂා දැනුම ද පාඨමාලා හදාරන්නන්ට නොමිලේ ලබා දෙන බවඒ මහතා කියයි. රැකියාවට මග කියන නයිටා ජාතික ක්‍රියාන්විතය ඇරඹෙන්නේ මේ හේතුවෙනි. එහි සමාරම්භක වැඩසටහන අද මඩකලපුව එරාවුර් අලිගාර් ජාතික විද්‍යාලයීය ශ්‍රවනාගාරයේදී පෙරවරු 9.00 සිට පැවැත්වෙ.් ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ ඊට එක් වෙති. මෙහිදී රැකියා අවස්ථා පිළිබද මාර්ගෝපදේශද ලබා දෙනු ඇත. තරුණ පිරිස් පුහුණු අවස්ථා සදහා බදවා ගැනීමද සිදු කෙරේ. මෙහි හෙට වැඩසටහන මඩකලපුව කාර්මික විද්‍යාලයේදී පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා පැවැත්වේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරුන් සදහා එන් වී කිව් සහතික පත් ලබාදීමේ වැඩසටහන එහිදී ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *