ත්‍රිපිටකාභිවන්දනා සතිය අද සිට

Share Button

ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරිමේ යෝජනාව නිමිත්තෙන් අද සිට ලබන 23 වැනිදා තෙක් ත්‍රිපිටකාභිවන්දනා නමින් සතියක් ප්‍රකාශයට පත් කෙරේ. අදාල යෝජනාව ප්‍රකාශයට පත්කිරිමේ ජාතික මහෝත්සවය තෛනිකායික මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ලබන 23 වැනිදා මහනුවර දළදා මාළිගාවේ මහමඵවේදි පැවැත්වෙ.් මේ වෙනුවෙන් ආගමික වැඩසටහන් රැසක් ද සංවිධාන කර ඇත. .සර්වඥ ධාතු ප්‍රදර්ශනද පැවැත්වේ..

අද සිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස හා පොලිසියේ අනුග්‍රහයෙන් පිණ්ඩපාත දානමය පිංකම් හා විදේශවල ශ්‍රි ලාංකික විහාරස්ථාන රැසක ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. හෙට දිවයිනේ විහාරස්ථාන 226 ක දහම් පාසල් ශාලා ඉදිකිරිම් වැඩසටහනක් ඇරඹේ . දීප ව්‍යාප්තව පාසල් හා පිරිවෙන් කේන්ද්‍ර කරගත් ආගමික වැඩසටහන් ලබන 18 වැනිදා පැවැත්වෙ.් 19 වැනිදා රාජ්‍ය නොවන අංශයේ ආයතන කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් රැසකි. ජනපති සදහම් යාත්‍රා වැඩසටහන ලබන 20 වැනිදා පැවැත්වෙ.් ජනාධිපති කාර්යාලය සහ සියලු ආණ්ඩුකාර කාර්යාල එක්ව 21 වැනිදා දානමය පිංකම් පවත්වනු ලැබෙ.් 22 වැනිදා සියලු රාජ්‍ය ආයතනවල ආගමික වැඩසටහන් සංවිධාන කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *