ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා 5 වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ජයග්‍රහණයත් දකුණු අප්‍රිකාවට

Share Button

ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර කේප්ටවුන් හි ඊයේ පැවැති පස්වන සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය. කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියඵ දෙනා දැවී ලකුණු 225 ක් ලබා ගත්තේය. වර්ෂාවෙන් තරගයට බාධා එල්ලවීම හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 28 ක් තුළ ලකුණු 95 ක් ලබා ගැනිීමට සිදුවිය. කඩුලු දෙකක් දැවි ලකුණු 135 ක් ලබාගත් එම කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණය හිමිවිය. ශ්‍රී ලංකා ඉනීමේදී කුසල් මෙන්ඩිස් ලකුණු 56 ක් ලබා ගත්තේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *