අල්ලස හා දුෂණය රටෙන් තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම හෙට

Share Button

අල්ලස හා දුෂණය ශ්‍රී ලංකාවෙන් මුඵමනින්ම තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී හෙට එළිදැක්වෙයි. මහජනතාව සිය රාජකාරී කටයුතු කරගෙනයාමට යාමේදී තවදුරටත් ඔවුන් අල්ලසට හා දුෂණයට ගොදුරුවීමට ඉඩ නොතබන බවට රජය ගත් තීරණයකට අනුව මෙම සැලැස්ම එළිදක්වන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කියයි. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම. ජනාධිපති ලේකම් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය එක්ව විද්වතුන් . විදෙස් විශේෂඥයන් හා මහජනතාවගේ අදහස් හා යෝජනා ලබාගෙන මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ. ඒ යටතේ දශක 3 කට වඩා වැඩි කාලයක් පැවැති අල්ලස් පණත මුඵමනින්ම සංශෝධනය කෙරේ. අල්ලස හා දුෂණය තුරන් කිරීමට අදාළ තීරණාත්මක සාධක සම්බන්ධයෙන් සකස් කළ ග්‍රන්ථ 4 ක්ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන උත්සවයේදී එළිදැක්වෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *