ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ගය විදේශයන්හි වැඩවසන ශ්‍රී ලාංකික මහ සංඝරත්නයේ ඇගයීමට

Share Button

ශ්‍රී ලාංකික භීක්‍ෂු පරම්පරාව රැකගෙන ආ නිර්මල බුදුදහම අන්තර්ගතවු උතුම් ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ගත් ක්‍රියාමාර්ගය විදේශයන්හි වැඩවසන ශ්‍රී ලාංකික මහ සංඝරත්නයේ පැසසුමට ලක්වෙයි. එම කාර්යය සදහා තම පුර්ණ ආශිර්වාදය හා සහාය පල කරන බව කෙන්යාවේ නයිරෝබී බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය යටිරාවන විමල ස්වාමින් වහන්සේ පවසති. ජගත් පරිසර සමුඵවට සහභාගීවීම සදහා කෙන්යාවේ නිල සංචාරයක නිරත වු ජනාධිපතිතුමා ඊයේ පෙරවරුවේ නයිරෝබී බෞද්ධ විහාරස්ථානය වැදපුදා ගත්තේය. එහිදී ජනාධිපතිතුමාට ආශිර්වාද පල කිරීමේන් අනතුරුව විශේෂ අනුශාසනාවක් කළ පුජ්‍ය යටිරාවන විමල ස්වාමින් වහන්සේ ඒ බව සදහන් කළහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *