අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අගදි

Share Button

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසානයේ නිකුත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ ප්‍රතිඵල නිකුත් කිරිමට අවශ්‍ය කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවයි . පසුගිය දෙසැම්බර් මාසයේ දිවයින පුරා මධ්‍යස්ථාන 4661 කදි පැවති අපොස සාමාන්‍ය පෙළ විභාගයට අපේක්ෂකයෝ හයලක්ෂ පනස්හයදහස් හයසිය හතලිස් එක්දෙනෙක් පෙනි සිටියහ. විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිමේ කටයුතු ආරම්භ කෙරුණු පසුගිය දෙසැම්බර් 23 වැනිදායි. දිවයිනේ නගර 55 ක පිහිටි මධ්‍යස්ථාන 108 කදි පිළිතුරු පත්‍ර ඇගයිම සිදුවිය . ඊට සහභාගි වු ගුරුවරුන් සංඛ්‍යාව තිස්හයදහසකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *