ශ්‍රි ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 23 යි

Share Button

ශ්‍රී ලංකාව විලිස් ලෝක ක්‍රිකට් කුසලානය හිමිකරගෙන අදට වසර 23 ක් සපිරෙයි. පකිස්ථානයේ ලාහෝර් නගරයේ ගඩාෆි ක්‍රිඩාංගනයේදි 1996 මාර්තු 17 වැනිදා අවසන් මහ තරගය පැවැත්විණි. අවසන් තරගයට ශ්‍රි ලංකාව සමග තරග වැදුනේ ඔස්ට්‍රේලියාවයි. අර්ජුන රණතුංග ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා විය. අරවින්ද සිල්වා උපනායකයා විය. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා වුයේ මාර්ක් ට්‍රේලර්ය. තරගයේදි කාසියේ වාසිය ශ්‍රි ලංකාව හිමිකරගත් අතර මුලින් පන්දුවට පහරදිමේ අවස්ථාව ඔස්ට්‍රේලියාවට ලබාදුන්නේය. ඔස්ට්‍රේලියාව තම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවි ලකුණු 241 ක් ලබාගත්තේය. පිලිතුරු වශයෙන් ශ්‍රි ලංකා පන්දුවාර 46 යි පන්දු 2 කදි කඩුලු 3 ක් දැවි ලකුණු 245 ක් ලබාගනිමින් තරගය ජයග්‍රහනය කලේය. සනත් ජයසුරිය තරගයේ වීරයා ලෙස නම් කෙරුණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *