ත්‍රිපිටකාභිමානි සතියේ 3 වන දිනය හෙට

Share Button

ත්‍රිපිටකාභිමානි සතියේ 3වන දිනය හෙටයි. ඊට සමගාමිව සංවිධානය කල කොළඹ දිස්ත්‍රික් ප්‍රධාන වැඩසටහන කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලීය සෝමා ප්‍රේමරත්න ශාලාවේදි පැවැත්වෙයි. සතියේ දෙවන දිනය වන අද දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරිම ආරම්භ කිරිම සදහා වෙන්කර තිබිණි. ප්‍රමාණවත් ගොඩනැගිලි නොමැතිවීම හේතුවෙන් එළිමහනේ දහම් පාසල් පවත්වන තෝරාගත් විහාරස්ථාන 226 ක දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම අද ආරම්භ කෙරිණි. ත්‍රිපිටකාභිමානි සතිය නිමිත්තෙන් අද දිවයිනේ ප්‍රදේශ රැසකදි මහා සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවල නිරතවුහ. දිසා ලේකම් කාර්යාල හා පොලිස් ස්ථාන එම වැඩසටහන සංවිධානය කර තිබිණි. කෑගල්ල නගරයේ පිණ්ඩපාත චාරිකාවේ නිරතවු මහා සංඝරත්නයට දානය පිලිගැන්විම සදහා මුස්ලිම් ජනතාවද එක්ව සිටිම විශේෂත්වයක් විය. ඇමති කබිර් හෂිම් මහතා ද එම අවස්ථාවට එක්විය. මහියංගනය රජමහා විහාරස්ථානයේදි ධර්ම කතිකාවක් පැවැත්විණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *