රටේ විධිමත් මාර්ග පද්ධතියක් ගොඩනංවන බවට අගමැතිවරයාගෙන් සහතිකයක්

Share Button

විධිමත් මාර්ග පද්ධතියක් රටතුල ගොඩනැංවිම රජයේ ප්‍රතිපත්තිය බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. දිවයින පුරා මාර්ග හා පාලම් දෙසියයක් ජනතා අයිතියට පැවරිමේ වැඩපිලිවෙල මාවනැල්ලෙන් අද ආරම්භ කරමින් අගමැතිවරයා ඒ බව සදහන් කලේය. මාවනැල්ල – අරණායක. මාවැනල්ල – ගම්පොල . මාවනැල්ල – රඹුක්කන යන මාර්ග අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි. හදවත් යාකරන රන්මාවත යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා මාර්ග හා පාලම් දෙසියක් ඉදිකිරිමට රජය වෙන් කර ඇති මුදල රුපියල් කෝටි තුන්දහස ඉක්මවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *