පැරණි ත්‍රිරෝද රථ වෙනුවට කුඩා මෝටර් රථ

Share Button

පැරණි ත්‍රිරෝද රථ වෙනුවට කුඩා මෝටර් රථ හදුන්වා දිමේ වැඩපිලවෙලක් මේ වසරේදි ආරම්භ කිරිමට රජය සැලසුම් කරයි. ඒ අනුව දැනට භාවිතයේ පවතින ටු ස්ට්‍රොක් ත්‍රිරෝද රථ රජය මගින් මිලදි ගෙන ඒවා විනාශ කිරිමේ හෝ වෙනත් රටකට ප්‍රතිඅපනයනය කිරිමේ වැඩසටහනක් සැලසුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරන්ට අවම පොලි සහනාධාර යටතේ රුපියල් මිලියන දෙකක ණය මුදලක් ලබාගෙන මෝටර් රථයක් මිලදි ගැනිමේ අවස්ථාව මෙවර අයවැයෙන් හිමිකර දි ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මහනුවර ඊයේ පැවැති උත්සවයකදි අමාත්‍යවරයා මේ බව සදහන් කලේය. හොදම වෘත්තීය ත්‍රිරෝද රථ රියදුරාට සම්මාන පිරිනැමිම සහ ත්‍රිරෝද රථ රියදුරන් 600 දෙනෙකු ඇගයිීම නිමිත්තෙන් උත්සවය සංවිධානය කර තිබිණ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *