ක්‍රයිස්චර්ච් වෙඩි තැබිමක් සිදුකළ තැනැත්තා පිළිබඳ නඩු විභාගය නවසිලන්තයේදිම

Share Button

50 දෙනෙකුට දිවි අහිමි කළ ක්‍රයිස්චර්ච් වෙඩි තැබිමක් සිදුකළ තැනැත්තා පිළිබඳ නඩු විභාගය නවසිලන්තයේදිම සිදුකරන බව නවසිලන්ත අගමැති ජසින්ඩා ආර්ඩන් මහත්මිය කියයි .ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන එම පුද්ගලයා රටින් පිටුවහල් කරන්නේ දැයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිනිය ඒ බව සදහන් කළාය .

සැකකරු පසුගිය සෙනසුරාදා අධිකරණයට ඉදිරිපත් කෙරිණි. ඔහු ලබන මස 05 වැනිදා යලි අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි . මිනිමැරිමේ චෝදනාව ඔහුට එරෙහිව එල්ල වී තිබෙ. ඔහුට එරෙහිව තවත් චෝදනා එල්ල කළ හැකිද යන්න පිළිබඳව දැන් පරීක්ෂණ පැවැත්වෙන බව අගමැතිනිය සදහන් කළාය.

රටේ ගිනි අවි භාවිතය සම්බන්ධයෙන් දැඩි නිති පැනවිමට නවසිලන්ත ඇමති මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙ. ඒ අනුව ලබන 25 වැනිදා වනවිට සිදුකරන වෙනස්කම් හෙලි කරන බව ද අගමැතිනිය පැවසුවාය. ප්‍රහාරයෙන් මියගිය සෑම අයෙකුටම අමෙරිකානු ඩොලර් දසදහසක වන්දියක් පිරිනැමේ. ඒ සදහා මියගිය පුද්ගලයාගේ පුරවැසිභාවය කිසිසේත්ම ගැටඵවක් නොවන බව නවසීලන්ත අගමැතිනිය සදහන් කළාය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *