ටී.එන්.ඒ. නැතිනම් වෙනත් බලවේගයකින් ඡන්දෙට එනවා

Share Button

දෙමළ ජාතික සන්ධානයෙන් තමන්ගේ අවස්ථාව අහිමි කළහොත් වෙනත් දේශපාලන බලවේගයකින් හෝ තමන් උතුරු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බව පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් තමා මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කරනු ඇතැයි කියා විශ්වාස නොකරන බවත් ජනතාවගේ ඉල්ලීමට ගරු කරමින් තමා දේශපාලනය අත් නොහරින බවත් මහ ඇමැතිවරයා සඳහන් කරයි.

මීළඟ උතුරු පළාත් සභා මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධාන මහ ඇමැති අපේක්ෂක ලෙස සී.වි.විග්නේෂ්වරන් මහතා ඉදිරපත් නොකරන බවට එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා එසේ කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *