අධිකරණවල පහසුකම් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

Share Button

අධිකරණවල පහසුකම් ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

රජය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ අධිකරණ කටයුතු ඉහළ යෑම , ඒ සඳහා භාවිතා කරන ගොඩනැඟිලිවල අධිකරණවල ඉඩකඩ හා පහසුකම් නොමැති වීම ආදි හේතු පාදක කර ගනිමිනි.

ඒ අනුව නාරම්මල සංචාරක අධිකරණ කාර්යාල ගොඩනැඟිල්ල පුළුල් කිරීම, වලපනේ දිසා මහේස්ත්‍රාත් ගොඩනැඟිල්ල ඉදි කිරීම , අක්කරෙයිපත්තුව හා පොතුවිල් දිසා මහේස්ත්‍රාත් අධිකරණවල හා ලේඛනාගාරය ඉදි කිරීම, වාකරේ හා තෙල්ගොඩ සංචාරක අධිකරණ කාර්යාල ගොඩනැඟිලි ඉදි කිරිම, හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සඳහා නිල නිවාස ඉදි කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ .

අදාළ යෝජනාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *