චීනයේ රසායනික කම්හලක සිදුවු පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

Share Button

චීනයේ රසායනික කම්හලක සිදුවු පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 44 දක්වා ඉහළ යයි. ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කලේ 640 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි. පිපිරීමෙන් පසුව කම්හ්ෙල් ගින්නක් හටගෙන තිබේ. මෑතකාලයේ චීනයේ සිදුවු දරුණුතම කාර්මික අනතුර ලෙස මෙය සැලකේ.
…….

නවසීලන්තයේ ක්‍රයිස්චර්ඩ් ප්‍රහාරයට අදට සතියක් සපිරෙයි. ප්‍රහාරයෙන් මියගිය අය සිහිකිරීම සදහා විශේෂ යාඥා මෙහෙයක් අල්නුර් පල්ලියේදී අද පැවැත්විණි. දහස් ගණනක පිරිසක් ඊට එක්ව සිටියහ. නවසිලන්ත අගමැතිනිී ජසින්ඩා ආඩ්න් මහත්මියද ඊට එක්වුවාය. ඇය එහිදී පැවසුවේ මෙ ඛේදවාචකයේදී සමස්ත නවසීලන්තයම මුස්ලිම් ජනතාව සමග එක්වන බවයි. විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්‍ෂා කෙරුණු අතර එයට රටපුරා ජනතාව එක්වුහ. ඕක්ලන්ඩ් සහ වෙලින්ටන් ඇතුඵ සෙසු ප්‍රධාන නගරවලද අනුස්මරණ උත්සව පැවැ්තවුණි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *