වතු සේවකයන් සදහා නිවාස හතලිස්දහසක් ඉදිකිරිමට රජයෙන් සැලසුමක්

Share Button

වතු සේවක සේවිකාවන් සදහා නිවාස හතලිස්දහසක් ඉදිකිරිම ඉලක්කය බව අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි. පැවැති සියලු රජයන්ට වඩා වත්මන් රජය වතුසේවකයන්ට සලකන බවත්. ඔවුන්ගේ ගෞරුත්වය ආරක්ෂා කිරිමට නිරතුරු ක්‍රියාකරන බවත් ඇමතිවරයා පැවසුවේ.

මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වතු 6 ක සේවකයන් තුන්සිය දෙනෙකුට හරිත භුමි ඔප්පු පිරිනැමිම නිමිත්තෙන් පසුගිය දා පැවැති උත්සවයට එක්වෙමිනි.

සැලගම. නාලන්ද. ඇල්කඩුව. කන්දේනුවර. පිටන්ද හා ගම්මඩුව යන ප්‍රදේශවල වතුවල සේවය කරන පිරිසට ස්ථිර ඉඩමක හිමිකම ලබාදිමේ වැඩසටහන යටතේ එම ඔප්පු ප්‍රදානය සංවිධානය කර තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *