විදුලිය විසන්ධි කිරීමේ කාලසටහන

Share Button

පවතින වියළි කාළගුණ තත්වය හේතුවෙන් විදුලි ඉල්ලුම ඉහළ යාම නිසා , රට පුරා විදුලි විසන්ධි කිරීම අද (25) සිට කිසියම් කාලසටහනකට අනුව සිදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

සතියේ දිනවල  දහවල් කාලයේදී,

පෙරවරු 8.30 සිට පෙරවරු 11.30 දක්වා

පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා

හෝ

පස්වරු 2.30 සිට පස්වරු 5.30  දක්වා විදුලිසැපයුම අත්හිටුවීමට නියමිතයි.

 

සතියේ දිනවල රාත්‍රී කාලයේදී ,

සවස 6.30 සිට රාත්‍රී 7.30 දක්වා

රාත්‍රී 7.30 සිට රාත්‍රී 8.30 දක්වා

හෝ

8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි සැපයුම අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

 

සෙනසුරාදා දිනවලදි විදුලිය කපා හැරෙන්නේ දිනකට පැය 02 යි විනාඩි 15 ක් පමණි.

ඊට අදාල කාළසීමාවන්,

පෙරවරු 8.30 සිට පෙරවරු  10.45 දක්වා

පෙරවරු 10.45 සිට පස්වරු  1.00 දක්වා

පස්වරු  1.00 සිට පස්වරු 3.15 දක්වා

හෝ

පස්වරු 3.15 සිට පස්වරු 5.30 දක්වා   විදුලිය කප්පාදු කෙරේ.

එමෙන්ම සෙනසුරාදා දින රාත්‍රී කාලයේදී ද පැයක පමණ කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇත.

මේ අතර  ඉරිදා දිනයේ දී විදුලිය විසන්ධි නොකිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

අද සිට කි‍්‍රයාත්මක මෙම සැලසුමට අනුව දවසේ කුමන හෝ වේලාවකදී දිවා කාලයේ සහ රාතී‍්‍ර කාලයේ එක් ප‍්‍රදේශයකට එක් වතාවක් පමණක් පැය 04 ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවනු ලැබේ.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *