දිවයින පුරා වී මිලදි ගැනීම සාර්ථකව

Share Button

වී මිලදී ගැනීම දිවයින පුරා සාර්ථකව සිදු වන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා කියයි. මණ්ඩලය සතු සියලුම ගබඩා මේ වනවිට විවෘතව පවතී. ගබඩා අඩු ප්‍රදේශ හදුනාගෙන මණ්ඩලයේ ලොරි රථ මගින් වී මිලදී ගැනිමට විධිවිධාන යොදා තිබේ.

රජයේ සහතික මිල වන සම්බා වී කිලෝවක් රුපියල් 41 කටත් නාඩු වී කිලෝවක් රුපියල් 38 කටත් මණ්ඩලය මිලදී ගනී. ඊට වඩා අඩු මිලකට වී අලෙවි කිරීමෙන් වලකින්නැයි සභාපතිවරයා ගොවි ජනතාවට දැනුම් දෙයි.

අලෙවිය සදහා ඉදිරිපත් කිරීමේ දී වීවල ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කිරීම ද අත්‍යවශ්‍ය වෙයි. සිංහල හා දෙමල අලුත් අවුරුද්ද යෙදෙන දින දෙකේ හා ඉරිදා දිනවල හැර ලබන මැයි මාසය දක්වා වී මිලදී ගැනීම සිදු කරන බව සභාපතිවරයා කියයි.

පසුගිය සෙනසුරාදා වනවිට වී අලෙවි මණ්ඩලය වී මෙට්ට්‍රික් ටොන් විසිපන් දහසකට අධික ප්‍රමාණයක් මිලදී ගෙන තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *