ශ්‍රි ලංකාවට ආධාර අඛන්ඩව අවශ්‍යයි – විදේශ කටයුතු ඇමති මානව හිමිකම් කොමසාරිස්වරිය හමුවේ පවසයි

Share Button

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගි වීමට ගොස් සිටි විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා ඇතුඵ ශ්‍රි ලංකා නියෝජිත පිරිස මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැච්ලට් මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලයේ සහකාර ලේකම්වරයෙකු වන මයිකල් මොලර් මහතා සමග සාකච්ඡා පැවැත්වුහ.

මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙන් පැන නගින ඇතැම් කරුණු ඉටු කිරීමෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය බැච්ලට් මහත්මිය අගය කළාය. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රගතියක් අත්කර ගැනීම සදහා ශ්‍රි ලංකාව සමග සමීපව කටයුතු කිරීමට සුදානම් බව ඇය පැවසුවාය.

ශ්‍රි ලංකාව සංහිඳියාව . සාමය ගොඩනැගීම සහ සංවර්ධන යන අංශවලින් අත්කර ගෙන ඇති ප්‍රගතිය අමාත්‍ය මාරපන මහතා පැහැදිලි කළේය. මේ සමගම ප්‍රතිසංස්කරණ . තිරසර සංවර්ධනය . සහ ඒකාබද්ධතාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනවල ආධාර අඛන්ඩව ශ්‍රී ලංකාවට ලැබීම වැදගත් වන බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රි ලංකාව සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට සම්බන්ධ වීමට ඇති හැකියාව පිළිබදව වෙනත් සංවර්ධන හවුල්කරුවන් සමග සාකච්ඡා කිරීමට තමා සුදානම් බව මොලර් මහතා ශ්‍රි ලංකා නියෝජිත පිරිසට පැහැදිලි කළ බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *