පාර්ලිමේන්තුව අද පෙරවරු 09 30 ට

Share Button

මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 09 30 ට යලි ඇරඹේ. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය 11 වන දිනටත් පැවැත්වේ.

අද දිනයේදී විදේශ කටයුතු හා සංචාරක සංවර්ධන . වනජිවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු යන අමාත්‍යාංශවල වැය ශිර්ෂ පිලිබද විවාදය පැවැත්වේ.

සිවිල් ගුවන් සේවය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස්කර ඇතැයි ඇමති අර්ජුන රණතුංග මහතා කියයි. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබි ඇත. පියාසර ගුවන් යානා විමර්ශනය කිරීම සඳහා නවීන පද්ධතියක් සකස්කර තිබේ. කාන්තා බස්රථ සේවාවක් ද ඉදිරියේදි ආරම්භ කරන බව ඇමතිවරයා පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථාවේ ඊයේ දිනයේ පිළිතුරු කථාව කරමින් පැවසිය.

වරාය අමාත්‍යාංශයේ පිළිතුරු කථාව කරමින් අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේ ලෝකයේ ඉහළම බහාලුම් වේගය ඇති වරාය බවට මෙරට වරාය පත්වි ඇති බවයි. කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව උපරිම මට්ටමට ලගාවී ඇත.

පසුගිය වසරේදි ලෝකයේ හොදම වරාය ලෙස ශ්‍රි ලංකා වරාය අධිකාරිය සම්මාන ලැබු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද සමරසිංහ මහතා පාරළිමේන්තුවේදී පැවසීය. ඉතිහාසයේ වැඩිම වැටුප් වර්ධකයක් වන සියයට 30 ක ප්‍රමාණයක් වරාය සේවකයන්ට ලබාදිමට පසුගිය වසරේදී ක්‍රියා කරතිබේ.

සාකච්ඡාවට එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා කාන්තාවන් සදහා වෙනම දුම්රිය මැදිරි වෙන් කිරිම අගය කරන බව පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සාකච්ඡාවට එක්වෙමින් කාන්තාවන් සදහා වෙනම බස්රථ යෙදවිමට කටයුතු කරන ලෙස ඉල්ලිමක් කළාය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචා දූෂණ නතර කිරිමට පියවර ගත යුතු බව ඇය පැවසුවාය .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *