වෙළෙඳ සේවයේ ‘මං නුවණක්කාරී’ ජයග්‍රහණය මුහුදු කට්ටුවට

Share Button

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවය සංවිධාන කළ ‘මං නුවණක්කාරී ‘ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රහණය මාරවිල මුහුදු කට්ටුව ප්‍රදේශයේ පදිංචි මේරී ජොසපින් මහත්මිය විසින් දිනා ගෙන ඇත.

මාර්තු මස 01 දින සිට 08 වනදා දක්වා එෆ්.එම්.94.3 , 94.5 ඔස්සේ විකාශය කෙරුණු වැඩසටහන් මඟින් වෙළෙඳ සේවයේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සහභාගී කරගෙන මෙම තරඟය පවත්වන ලදී .

ඒ අනුව ඊට ලැබුණු නිවැරදි පිළිතුරු අතරින් කුසපත් ඇදීමක් හරහා ජයග්‍රාහකයන් තෝරා ගැනීම අද  (26) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රධාන සභා ශාලාවේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි නි.අ.ජ වැඩසටහන් මයුරි අබේසිංහ , නි.අ.ජ. අලෙවි පාලිත දිසානායක ඇතුළු අධ්‍යක්ෂ වරුන් සහ වෙළෙඳ සේවා පාලක චාන්දනී ද සිල්වා යන මහත්ම මහත්මීන් සහභාගී විය.

ජයග්‍රාහකයා සඳහා වටිනා මුදල් ත්‍යාගයක් පිරිනැමීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *