ශ්‍රී ලංකාව ව්‍යවස්ථාවෙන් බාහිරව කටයුතු නොකරන බව විදේශ ඇමතිවරයා මානව හිමිකම් සමුඵවේදී අවධාරණය කිරීම ඉතා වැදගත් -ආචාර්ය සරත් අමුණුගම

Share Button

මෙවර ජිනිවා මානව හිමිකම් සමුඵවේදී අප සාර්ථකව ක්‍රියාකළ බව පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට අද එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසීය.

එහිදී විදේශ කටයුතු අමාත්‍යවරයා රට වෙනුවෙන් තාර්කිකව කරුණු ඉදිරිපත් කළේය. රටේ ව්‍යවස්ථාවෙන් පිට කටයුතු නොකරන බව විදේශ අමාත්‍යවරයා ජිනිවා මානව හිමිකම් සමුඵවේදී අවධාරණය කිරිම ඉතා වැදගත් බවද අමුණුගම මහතා කීවේය.

රාජ්‍යතාන්ත්‍රිකයන් සදහා දේශපාලන පත් කිරීම් සිදු නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි වසන්ත සේනානායක මහතා විවාදයේදී පැවසීය. රාජ්‍යතාන්ත්‍රිකයන්ට නිසි පුහුණුවක් ලබාදීමට කටයුතු කළයුතුය. එය අනාගත ආයෝජනයකි.

හිටපු විදේශ අමාත්‍යවරයෙක් වු ලක්‍ෂමන් කදිර්ගාමර් මහතා එම නිවැරදි ක්‍රමවේදය භාවිත කළේය. භූගෝල වශයෙන් අසල්වාසි රාජ්‍යයන් පිළිබඳව සිතිය යුතුය. අපගේ විදේශ ප්‍රතිපත්තිය තුළ සියඵ රටවල් සමග මිත්‍රත්වයක් ඇති කරගැනිීම වැදගත් බවද ඔහු කීවේය.

විදේශ කටයුතු අමාත්‍යංශය සහ සංචාරක සංවර්ධන වනජීවි සහ ක්‍රිස්තියානී ආගමික කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂයන් පිළිබඳව අද විවාදය පැවැත්වෙයි.

විවාදයට එක්වු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසුවේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කොට සංහිදියාව ප්‍රවර්ධනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග ජාත්‍යන්තරයේ ප්‍රසාදයට ලක්ව ඇති බවයි. අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කොට ඇත.

විල්පත්තු රක්‍ෂිතයට හානියක් සිදුකොට නොමැත. රට තුළ ජාතිවාදය ඇතිකිරීමේ අරමුණින් ඇතැම්හු අසත්‍ය ප්‍රචාර සිදුකරති. එබැවින් විල්පත්තු රක්‍ෂිතයේ සැබෑ තත්වය පිළිබඳව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසට හෙතෙම ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා විවාදයට එක්වෙමින් පැවසුවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පෙර පැවැති කර්මාන්ත යළි ආරම්භ කළයුතු බවයි. ආරක්‍ෂක හේතුන් මත හමුදාව සතුව තිබු බොහෝ ඉඩම් මේ වනවිට නිදහස් කර ඇති බවද මන්ත්‍රිවරයා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *