15% වැට් බද්ද ඉවතට

Share Button

ජුලි මස 01 වන දින සිට පෞද්ගලික රෝහල් ගාස්තු වලින් අය කළ 15% ක වැට් බද්ද ඉවත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ශල්‍ය කර්ම හෝ වෙනත් සේවා මත අය කරන 15% ක වැට් බද්ද ඉවත් වන අතර පෞද්ගලික රෝහලක නතර වී සිටින රෝගියෙකුගෙන් අය කරන කාමර ගාස්තු මත වන වැට් බද්ද තව දුරටත් අය කරනු ලබයි.

මෙම වැට් බද්ද නතර කිරීමෙන් වසරකට රජයට රුපියල් කෝටි 120 ක් පමණ අහිමි වේ.

කර්තෘ භාගය හා ළමා ඉතුරුම් ගිණුම් මත වු බදු ද මීට ඉහත දී ඉවත් කළ අතර අදාළ සංශෝධන හා වැට් සංශෝධන පාර්ලිමේන්තුවට ඉරිදිපත් කර සංශෝධනය කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊයේ (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ පොදු මහජනතාවගේ යහපත උදෙසා වක්‍ර බදු අඩු කිරීමේ රජයේ වැඩ පිළිවෙලේ එක් අදියරක් ලෙසය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *