සියලු දරුවන්ගේ සම අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ජනප්‍රිය පාසල් සංකල්පයේ පරිවර්තනයක් විය යුතු බව ජනපති පවසයි

Share Button

දැයේ සියලු දරුවන්ගේ සම අධ්‍යාපන අයිතිය වෙනුවෙන් ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක් විය යුතු කාලය එළඹ ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. ළගම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන ක්‍රියාවට නැංවුයේ සියලු පාසල් වලට බේදයකින් තොරව සම්පත් ලබාදෙමින් සියලු දරුවන්ට සම අධ්‍යාපන අයිතින් දිනා දිමට බව එතුමා කියා සිටි. පොළොන්නරුව හතරඇළ සීවලි කනිෂ්ට විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දිම නිමිත්තෙන් අද පෙරවරුවේ පැවති උත්සවයේ දී ජනාධිපතිතුමා මේ බව කිවේය. අනතුරුව තෝපා වැව මහා විද්‍යාලයේ පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරිමේ අවස්ථාවටද එතුමා එක්විය. එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස තම අත්දැකිම් සිහිපත් කළ එතුමා යහපත් සමාජයක් සහ යහපත් රටක් ගොඩනැගිමට දන්ඩනය අත්‍යවශ්‍ය බව කිවේය . මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණිය දණ්ඩනය ලබාදිමට තමා ක්‍රියා කළේ ඒ අනුව බවද එතුමා පැවසිය . පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉටු කළ කාර්යයන් පිළිබඳව තවදුරටත් විස්තර කරන ජනාධිපතිතුමා

කදුරුවෙල නගරමහ විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරිම . පාසල් පුස්තකාලය සදහා පොත් කට්ටල ප්‍රදානය. අඩු ආදායම්ලාභි පවුල් සදහා නිවාස හිමිකම් ලබාදිම ඇතුඵ වැඩසටහන් රැසක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පොළොන්නරුවේදි සිදුවිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10