දකුණු කොරියා – අමෙරිකා ජනපතිවරුන් අතර හමුවක්

Share Button

දකුණු කොරියානු ජනපති මූන් ජායී ඉන් මහතා සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් ලබන මාසයේදී සිදුවන බව දකුණු කොරියානු ජනාධිපති කාර්යාලය පවසයි. අමෙරිකානු ජනපතිවරයාගේ ආරාධනාවක් අනුව දකුණු කොරියානු ජනපතිවරයා ලබන 10 සහ 11 දෙදින අමෙරිකාවේ සංචාරයක නිරත වේ. හමුවේදී දෙරටට වැදගත් වන ද්විපාර්ශවික කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජනපතිවරුන්ගේ අවධානය යොමු කිරීමට නියමිතය. පසුගිය වසරේ ආජෙන්ටිනාවේදී දෙරටේ නායකයින් අවසන් වරට මුණගැසුණි.
——–
පිලිපීනයේ ෆේස්බුක් හා ඉන්ටග්‍රූම් ව්‍යාජ ගිණුම් ජාලයක් ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම ක්‍රියා කරය.ි පිටු. කණ්ඩායම් හා ගිණුම් 200 ක් ඊට ඇතුළත්ය. ඒවා නික් ගබුනාඩා නැමැති පුද්ගලයෙකුට සම්බන්ධ බවට විමර්ශනවලදී හෙළිවූ බව එම ආයතනය වැඩිදුරටත් පවසයි. ඔහු පිලිපින ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේගේ සමාජ මාධ්‍ය ව්‍යාපාර කළමනාකරුවෙකු ලෙස කටයුතු කළ තැනැත්තෙකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10