පකිස්ථානය හමුවේ ඔස්ට්‍රේලියාවට ලකුණු 6 ක තියුණු ජයක්

Share Button

පකිස්ථානයත් සමග සිව් වන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 6 ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

ඩුබායි හි පැවති තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව කඩුලු 7 කට ලකුණු 277 ක් රැස් කළේය. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 98 යි.

අනතුරුව ජයග්‍රාහී ලකුණු 278 ක ඉලක්කය පකිස්ථාන මුල් පෙළේ පිතිකරුවන් වේගයෙන් හඹා යාම සිදු කළත් අවසානයේ කඩුලු 8 කට ලකුණු 271 ක් ලබා සිටියදී ඉනිම අවසන් කිරීමට ඔවුන්ට සිදු විය.

ඔවුන්ගේ 4 වන කඩුල්ල බිඳ වැටුනේ ලකුණු 229 දීය. එහෙත් ඉතිරි කඩුලු 4 අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාම නිසා පරාජය වැලඳ ගැනීමට සිදු විය.

අභීඩ් අලි ලකුණු 112 ක්ද . මොහොමඩ් රිස්වාන් ලකුණු 104 ක්ද රැස් කළහ. හරිස් සොහිල්ගේ ලකුණු 25 හැර ඉතිරි සියල්ලන්ම රැස් කළේ ලකුණු 7 ට අඩුවෙනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *