ශ්‍රිමා දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Share Button

කෘතහස්ත දේශපාලඥයෙකු වු දිවංගත හිටපු අමාත්‍ය ගාමිණි දිසානායක මහතාගේ බිරිද වු වජිරා ශ්‍රිමා දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත වුවාය. කොළඹ පෞද්ගලික රෝහලක ඇය ප්‍රතිකාර ලබමින් සිටි අතර මිය යන විට 77 වන වියේ පසුවුවාය.

දිසානායක මහත්මිය අමාත්‍ය නවින් දිසානායක . පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක මහත්වරුන්ගේ සහ වරුණි දිසානායක මහත්මියගේ දයාබර මෑණියන්ද වේ.

1994 වසරේ ජනාධිපතිවරණ රැලියට එල්ල වු එල් ටි ටි ඊ බෝම්බ ප්‍රහාරයකින් එවකට ජනාධිපති අපේක්ෂකයෙකු වු ගාමිනි දිසානායක මහතාගේ අභාවයෙන් පසු ශ්‍රිමා දිසානායක මහත්මිය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවාය. ඇය වෘත්තියෙන් නිතිඥවරියකි.

ගාමිණි දිසානායක මහතා අමාත්‍ය ධුරයේ කටයුතු කරන අවස්ථාවේ සමාජ සේවිකාවක් ලෙස විශාල සේවයක් කල ඇය දිසානායක මහතාගේ අභාවයෙන් පසු 1995 දි ගාමිණි දිසානායක පදනම ආරම්භ කලාය. එහි සභාපතිනිය ලෙස වඩා පුලුල් වු ක්‍රියාකාරි සමාජ සේවයක් ඉටුකරනු ලැබුවාය.

වර්තමානයේදි එම පදනම අධ්‍යාපන හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස දහස් සංඛ්‍යාත දරුවන්ට නොමිලේ පුහුණුව ලබාදෙන ආයතනයකි. ඇයගේ දේහය කොළඹ 7 විජේරාම මාවතේ අංක හයෙන් එක දරණ නිවසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු ලබන සදුදා කොළඹදි සිදුකෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10