වීරවිල යොවුන් පුරය අගමැතිවරයාගේ නිරීක්ෂණයට

Share Button

හම්බන්තොට වීරවිල පැවැත්වෙන 10 වන යොවුන් පුරයේ දෙවන දිනය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. එහි පැවැත්වෙන යොවුන් නගර සභාවේ දෙවන සභාවාරය ද වික්‍රමසිංහ මහතා නිරීක්ෂණය කළේය. ඒ අතරම යොවුන් කඳවුරු .

විවිධ තාක්ෂණික සොයා ගැනීම් . නව නිපැයුම් නිරීක්ෂණය කරමින් ඒවා අගය කිරිමට අගමැතිවරයා ක්‍රියා කළේය. එහි සිටින තරුණ තරුණියන් දිරිගන්වමින් ඔවුන් සමග සුහද සංවාදයකද අගමැතිවරයා නිරත විය.

ඒ සදහා එක්ව සිටින විදේශ තරුණ කණ්ඩායම් ද අගමැතිවරයා සමග සාකච්ඡා කළහ. මෙහි සමාප්ති උළෙල අද පස්වරුවේ පැවැත්වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙයි.

යොවුන් කුමරා සහ කුමරිය තේරීම ද පස්වරුවේ සිදු කෙරේ. අධ්‍යාපන . ක්‍රීඩා . සංස්කෘතික ගවේෂණ රැසක් අදත් පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *