රථ වාහන වැරදි 7 ක් සම්බන්ධයෙන් අවම දඩය 25000 ක් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වේ

Share Button

රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ දී  නිකුත් කර තිබේ.

සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසන පරිදි  ,  නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීම අපේක්ෂාවයි.

ගැසට් නිවේදනයට අනුව අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කරන රථ වාහන වැරදි වන්නේ ,

වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු අක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය වේ.

එමෙන්ම වමෙන් ඉස්සරහ කිරීමේ දඩයද වැඩි කර ඇත.

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *