අප්‍රේල් මස 5 වන දින ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක්

Share Button

අප්‍රේල් මස 5 වන දින ජාතික සිනමා දිනය ලෙස නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර තිබේ.

ජ්‍යෙෂ්ඨ සිනමාවේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අමිල මෙහෙවර අගයමින් ඔහුගේ ජන්ම දිනය යෙදෙන අප්‍රේල් මස 5 වන දින මෙලෙස “ජාතික සිනමා දිනය“ ලෙස නම් කර ඇත.

1980 අංක 45 දරන පනතින් සංශෝධිත , 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනතේ 61 (2) ඕ වන වගන්තිය යටතේ විෂයබාර අමාත්‍යවරයා ට පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් මෙම තීරණය ගෙන තිබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *