රටට අවශ්‍ය තාක්ෂණික දැනුම සහිත ශ්‍රමබලකායක් බවට අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

Share Button

රටට අවශ්‍ය තාක්ෂණ දැනුම සහිත ශ්‍රම බලකායක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මිලාගිරිය ශාන්ත පාවුඵ බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද පෙරවරුවේ එක්වෙමින් හෙතෙම පැවසුවේ ලොව ඉදිරියෙන්ම සිටින්නේ තාක්ෂණික දියුණුවක් සහිත රටවල් බවයි. නව තාක්ෂණය සමග කටයුතු කිරීමට උචිත පරිදි වෘත්තිය පුහුණු පාඨමාලා දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා කීවේය.

මෙහිදී අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ භෞතික හා මානව සම්පත් දියුණුවට වත්මන් රජය විශාල කාර්යභාරයක් ඉටුකළ බවයි. අනාගතය කෙරෙහි අවධානය යොමු කොට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අවශ්‍ය වෙනස්කම් සිදුකරන බවද ඔහු කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *