මේ වසරේදී සුරක්‍ෂා රක්‍ෂණය ලබාදීමට අදාළ ගිවිසුමට අත්සන් තැබේ

Share Button

සුරක්‍ෂා රක්‍ෂණය මේ වසරේ දී ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීම ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදුකෙරිණ. අධ්‍යාපන අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් නිහාල් රණසිංහ මහතා ඊට අත්සන් තැබු අතර අලියාන්ස් රක්‍ෂණ සමාගම වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ එහි කළමනාකාර අධ්‍යක්‍ෂිකා සුරේඛා අලස් මහත්මියයි.

පසුගිය වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට මේ වසරේ නොවැම්බර් 30 වැනිදා දක්වා සුරක්‍ෂා රක්‍ෂණ ප්‍රතිලාභ ගෙවීමට අලියාන්ස් සමාගම ගිවිසුම් ප්‍රකාරව එකග විය.

පසුගිය වසරේදී රක්‍ෂණය ලබාදීමේදී හදුනාගත් කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත සිසුන්ට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි එම සමාගම සමග මෙවර ගිවිසුමට එළඹීනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *