කැලි කසල ඉවත් කිරීමේ ජාතික වැඩපිළීවෙලක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වාදෙයි

Share Button

කැලි කසල ඉවත් කිරීමේ ජාතික වැඩපිළීවෙලක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වාදෙයි. ආරක්‍ෂක . මහවැලි සංවර්ධන හා පරිසර යන අමාත්‍යශවල වැය ශීර්ෂයේ පිළීතුරු කථාව පවත්වමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

කැලි කසල ඉවත් කිරීම නීතිමය බලතල පළාත්පාලන ආයතන සතු වුවද ඊට අවශ්‍ය වාහන ඇතුඵ යන්ත්‍රසුත්‍ර පළාත් පාලන ආයතන සතුව නොමැතිවීම ප්‍රබල ගැටඵවකි. කැලිකසල ඉවත් කිරීමේදී ජනතා විරෝධය එල්ලවීමද ඊට බාධාවක්වී ඇත.

විද්‍යාත්මක ක්‍රම පිළීබඳ ජනතාවගේ අවබෝධය අවමවීම ඊට හේතුවී ඇති බව ජනාධිපතිතුමා පැවසීය. මොරගහකන්ද. කඵගග ව්‍යාපෘතිය කටයුතු රැසක් නිමකර ඇත. උමාඔය යෝජනා ක්‍රමයද මේ වසර අවසන්වීමට පෙර නිම කරන බවද ජනාධිපතිතුමා පැවසිය.

මේ අතර රුවන් විජේවර්ධන සහ අජිත් මාන්නප්පෙරුම යන රාජ්‍ය අමාත්‍යවරුන් ආරක්‍ෂක සහ පරිසර අමාත්‍යංශ වෙනුවෙන් සිදුකර ඇති සේවයද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *