ජාතික සිනමා දිනය අද

Share Button

ජාතික සිනමා දිනය අදට (05) යෙදී ඇත.

ජ්‍යෙෂ්ඨ සිනමාවේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අමිල මෙහෙවර අගයමින් ඔහුගේ ජන්ම දිනය යෙදෙන අප්‍රේල් මස 5 වන දින , එනම් අද දින  ජාතික සිනමා දිනය“ ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1980 අංක 45 දරන පනතින් සංශෝධිත , 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනතේ 61 (2) ඕ වන වගන්තිය යටතේ මෙම  තීරණය ක්‍රියාත්මක කර ඇත.

මීට සමගාමිව ලෙස්ටර් ජේමිස් පීරිස් අනුස්මරණ සිනමා පුස්තකාලය හා කෞතුකාගාරය ද අද විවෘත කෙරෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *