ඊශ්‍රායල මැතිවරණය ලබන අගහරුවාදා-යුදෙව්වන්ගේ වෙස්ට්බෑන්ක් නිවාස ව්‍යාපෘතියට අගමැති නෙතන්‍යාහුගේ පුර්ණ සහාය

Share Button

ඊශ්‍රායල මහ මැතිවරණය ලබන අගහරුවාදා පැවැත්වේ. මැතිවරණවය පෙර අවසන් වරට ජනතාව අමතමිනක් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු පැවසුවේ ගාසා තිරයේ යුදෙව්වන් වෙනුවෙන් වන නිවාස ව්‍යාපෘතියට තමාගේ විරෝදයක් නොමැති බවයි. මැතිවරණයේදී ජයගෙන තමාට අගමැතිධූරය යලිත් වරක් හිමිවූවහොත් වෙස්ට් බෑන්ක් හි නිවාස ව්‍යාපෘතිය සම්පුර්ණයෙන් සාදා අවසන් කරන බවද ඔහු කියයි. මෙම නිවාස ව්‍යාපෘතියෙන් හාර ලක්ෂයක් යුදෙව්වන්ට නිවාස හිමිවෙයි.
====
ජනාධිපති ඔමාර් අල් බසීර් ට එරෙහිව සුඩාන වැසියෝ තවදුරටත් උද්ගෝෂණ පවත්වති. ඊයේ දිනයේ සුචානයේ යුධහමුදා මුලස්ථානය දක්වා උද්ගෝෂකයෝ ගමන් ගත්හ. ජනාධිපති නිල නිවසට ලගා වීමට උද්ගෝෂකයින්ට ඇත්තේ තව කෙටි දුරක් පමණි. පසුගිය දෙසැම්බර් මාසයේ සිට ජනාධිපතිවරයාට එරෙහි උද්ගෝෂණ පැවැත්වේ. යුධ හමුදා මුලස්ථානයට ඇතුඵවීමට උත්සාහා දැරූ උද්ගෝෂකයින්ට කදුඵගෑස් ප්‍රහාර එල්ල කොට පලවා හැරීමට සුඩාන හමුදාව ක්‍රියා කලහ.
====
ගංවතුරින් ඉරාන වැසියෝ තවදුරටත් පීඩාවට පත්වෙති. මේ වන විට ගම්මාන හැත්තෑවක වැසියෝ ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබ සිටිති. ඔවුන්ට සනීපාරක්ෂක සේවා සැපයීම ඉතා අසීරු මට්ටමක පවතින බව ඉරාන රජය කියයි. හාර ලක්ෂයකට අධික පිරිසක් මෙසේ අවතැන්ව සිටිති. සති තුනක් පුරා ඉරානයට අඛණ්ඩව වැසි ලැබෙමින් පවතී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *