උත්සව සමයේදී භාණ්ඩ මිලදි ගැනීමේදී සහ ගිණිකෙලි භාවිතයේදී සැලකිලිමත්වන්නැයි අදාල අංශ ජනතාවට දැනුම් දෙයි

Share Button

උත්සව සමයේදි මිලදි ගන්නා භාණ්ඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටි. ජාතික ගුවන් විදුලිය සමග අදහස් දැක්වු එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම් එස් එම් ෆවුසර් මහතා පැවසුවේ. දිවයිනම ආවරණය වන පරිදි ඉදිරි දිනවල වැටලීම් ක්‍රියාත්මක කරන බවයි.
උත්සව සමය වෙනුනේ අදියර දෙකක් යටතේ විශේෂ බස්රථ සේවාවාන් ක්‍රියාත්මක කරන බව ලංකාගමනා මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රෝහන චන්ද්‍රසිරි මහතා පවසයි. ගමනාගමනය සදහා අමතර බස්රථ 1300 ක් යොදවන බවද ඔහු පවසයි.
මේ අතර එලැඹෙන උත්සව සමයේදි ගිනිකෙළි වලින් සිදුවන අනතුරු සහ හදිසි අනතුරු වලක්වා ගැනිමට ජනතාව විශේෂ අවධානයක් යොමු කල යුතු බව ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරිමේ නිලධාරිනි පුෂ්පා රම්‍යාණි ද සොයිසා මෙනවිය පවසයි. ජාතික ගුවන් විදුලිය සමග අදහස් දැක්වු ඇය පැවසුවේ. ඊට ජනතාව දක්වන කැපවිම ඉතා වැදගත් බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *