මාලදිවයිනේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විශිෂ්ට ජයක්

Share Button

මාලදිවයිනේ ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගනී. මුලික ප්‍රතිඵල වලට අනුව ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි සහ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 87 න් ආසන 60 ක් දිනා ගෙන ඇත. මෙම ජයග්‍රහණයත් සමග මාලේ අගනුවර ජනාධිපතිවරයා සහ පාලක පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ සහභාගීත්වයෙන් සැමරුම් උත්සව පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2008 වසරේ එරට බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් පසු තනි පක්ෂයක් බහුතරය දිනා ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
====
චීනයේ එක් තීරයක් එක් මාවතක් ආර්ථීක දැක්ම ඉදිරියට යාමත් සමග ජී හත රටවල විදේශ ඇමතිවරු ඒ පිළිබද දැඩි අවධානය යොමු කරති. බුද්ධිමය දේපල සම්බන්ධයෙන් චීනය දැඩි නීති රිීති ක්‍රියාත්මක නොකිරීම සහ සාධාරණ නොවු වෙළද චර්යා පිළිබදව එම රටවල විදේශ ඇමතිවරුන්ගේ දැඩි අවධානයට යොමු වී තිබේ. ප්‍රංශයේ ඩිනාඩ් නගරයේ ආරම්භ වු ජී හත රටවල විදේශ ඇමතිවරුන්ගේ දෙදින සමුථව අවසානයේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ වගකිවයුතු නිදහස් හා විවෘත ජාත්‍යන්තර ආර්ථක ක්‍රමවේදයක් කරා යොමු කරවීමට චීනය උනන්දු කර විය යුතු බවයි.
====
ජපානයේ පළාත් පාලන ඡන්ද විමසීම අද පැවැත්වේ. ආණ්ඩුකාරවරුන්. නගරාධිපතිවරුන් සහ මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම මෙහිදි සිදු වේ. අගමැති ෂින්ෂෝ අබේ මහතාගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙම ඡන්ද විමසීමෙන් විශාල ජයග්‍රහණයක් හිමි කර ගනු ඇතැයි විශ්වාස කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *