අමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ලේකම්වරිය ඉල්ලා අස්විමේ තීරණයක

Share Button

ඇමරිකා එක්සත් ජනපදයේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ලේකම් කර්ස්ටන් නිල්සන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වී මේ බව දැනුම් දීමට ඇය සූදානමින් පසුවන බව එරට රජයේ තොරතුරු උපුටා දක්වන සී.බී.එස් රූපවාහිණිය සඳහන් කරයි. මෙක්සිකෝ දේශ සීමාව ආශ්‍රිතව හටගෙන ඇති ගැටඑකාරී තත්ත්වය හේතුවෙන් ඇය ඉල්ලා අස්වනු ඇති බවට වාර්තා පළ වන්නට වූයේ මාස ගණනාවක සිටය. දේශසීමා තාප්පයක් ඉදිකිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට ඇය සිය අනුග්‍රහය පළ කර සිටිය ද ඇයගේ කාර්යභාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සෑහීමකට පත්ව නොසිටි බව මාධ්‍ය සඳහන් කරයි.

ලිබියාවේ ජාතික එකගතා රජයේ හමුදා සහ මාර්ෂල් කලීෆා හෆ්තාර්ගේ ලිබියානු ජාතික හමුදාව අතර ගැටුම් උත්සන්න වෙයි. ට්‍රිපොලි නගරය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් මුදාගැනීම සඳහා නගරයට පහර දෙන ලෙසට මාර්ෂල් හෆ්තාර් පසුගිය බ්‍රහස්පතින්දා සිය හමුදාවට උපදෙස් දුන්නේය. ඒ අනුව ලිබියාවේ නැවතත් යුද තත්ත්වයක් හට ගැණිනි. රටේ නැගෙනහිර ප්‍රදේශයේ ජනතා ඡන්දයෙන් තේරීපත්වුණු පාර්ලිමේන්තුවක් විසින් පාලනය ගෙනයනු ලබන අතර ඊට මාර්ෂල් හෆ්තාර්ගේ නායකත්වයෙන් යුතු ජාතික හමුදාවේ සහාය ලැබේ. ට්‍රිපොලි නගරය කේන්ද්‍ර කොටගත් රටේ බටහිර ප්‍රදේශයේ බලය හිමිකරගෙන ඇත්තේ එක්සත් ජාතීන්ගේ හා යුරෝපා සංවිධානයේ සහායෙන් පිහිටුවන ලද ජාතික එකගතා රජය විසිනුයි. ලිබියාවේ ජාතික ඛනිජ තෙල් සමාගම මධ්‍යස්ථ පිළිවෙතක් අනුගමනය කරන අතර දෙපාර්ශ්වයම සමග කටයුතු කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *