තවත් ආදර්ශ ගම්මාන දෙකක් අද ජනතා අයිතියට

Share Button

නව උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට වීරවිල රන්දුණුවත්ත ඉදි වු සිහරඳගම සහ සොබා මාතාගම ආදර්ශ ගම්මාන ද්විත්වය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරේ. එක් ගම්මානයක ඇති නිවාස සංඛ්‍යාව 25 කි. ජලය. විදුලිය . අභ්‍යන්තර මාර්ග සහ ප්‍රවේශ මාර්ග ආදි යටිතල පහසුකම් වලින් ගම්මාන සමන්විතයි. නව උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරෙන 183 වැනි සහ 184 වැනි ආදර්ශ ගම්මාන මේවායි. පවුල් 50 කට නිවාස හිමිකම ලබාදිමට අමතරව ප්‍රතිලාභින් 300 ක් සදහා රුපියල් මිලියන 60 ක වටිනාකමින් යුත් විසිරි ණය චෙක්පත් ප්‍රදානයද මෙහිදි සිදු කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *