රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවැන්න අද සිට ලබන සිකුරාදා දක්වා මඩකලපුවේ දී

Share Button

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවැන්න අද සිට ලබන සිකුරාදා දක්වා මඩකලපුව දිස්ත්‍රික්කයේදී පැවැත්වේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ මුලිකත්වයෙන් රාජයේ අමාත්‍යංශ සහ ආයතනවල දායකත්වයෙන් මෙය ක්‍රියාවට නැංවේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොටඨාශ 14 ක එකම දිනක එකම වේලාවකදී මහජන ගැටඵ විසදීමේ වැඩසටහන් රැසක් පැවැත්වේ.

ජාතික වකුගඩු නිවාරණ වැඩසටහන. ග්‍රාමශක්ති වැඩසටහන ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහන. ජාතික පාරිසරික සංරක්ෂණ වැඩසටහන. ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන. තිරසර පාසල් සංවර්ධන වැඩසටහන් ඇතුඵ රාජ්‍ය ආයතන විසින් විසදාගත යුතු මහජන ගැටඵවලට විසදුම්දීම මෙමගින් අරමුණු කෙරේ.

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලබන සිකුරාදා පෙරවරු 10.00 ට මඩකලපුව නගරයේදී පැවැත්වේ. එහිදී මෙම වැඩසටහන තුළින් හදුනාගනු ලැබු ප්‍රතිලාභින් වෙත හිමිකම් ප්‍රදානය හා අදාල ව්‍යාපෘති සවිබල ගැන්වීම සදහා අවශ්‍ය ආධාර හා වෙනත් පහසුකම් ලබාදීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *