ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇමරිකානු අධිකරණයක නඩුවක්

Share Button

සන්ඩෙලීඩර් පුවත්පතේ හිටවු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව අමෙරිකාවේදී නඩුවක් ගොනුකෙරේ. වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිංසා වික්‍රමතුංග මහත්මිය එම නඩුව ගොනුකර තිබේ. තමාට සාධාරණ විසදුමක් ලබාදෙන ලෙසත් වන්දියක් සහ නඩු ගාස්තු ලබාදෙන ලෙසත් පැමිණිලිකාරිය අධිකරණයෙන් ඉල්ලා සිටී.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුඵ අපරාධ සම්බන්ධයෙන් විත්කිකරු මැදිහත්වීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඇය ඉල්ලා තිබේ. ගෝඨාභය රාජපක්‍ෂ මහතා මේ දිනවල අමෙරිකාවේ සංචාරයක නිරතව සිටී.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සත්‍ය සහ නීතිය ව්‍යාපෘතිය සහ ඇමෙරිකානු නීති ආයතනයක් වන හෝස්ෆෙල්ඩ් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තවත් නඩුවක් ගොනුකර ඇත. රෝයි සමතානම් නැමැත්තා වෙනුවෙන් මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම පුද්ගලයා 2007 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට ත්‍රස්ත විමර්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ බවත්. ඔහු ශාරිරික හා මානසිකව වදහිංසාවලට ලක්වු බවත් එහි සදහන් වේ.

සමතානම් නැමැත්තා 2016 වසරේදී එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කණ්ඩායම මගින් ගොනුකළ නඩුවකින් ජය ගත්තේය. කෙසේ වෙතත් එම තීන්දුවට යටත්ව කටයුතු කර නැති බවත්.

ගෝඨාභය රාජපක්ෂ මහතාව වගවීමට ලක්කිරීමේ අරමුණින් කැලිෆෝනියා හිදී මෙම නඩුව ගොනුකර ඇති බවත් ජාත්‍යන්තර සත්‍ය හා නීතිය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂ යස්මි සුගා ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *