වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රිඩකයන්ට දක්ෂතා අනුව ගෙවීම් කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව සැලසුමක්

Share Button

වෘත්තිය මට්ටමේ ක්‍රිකට් ක්‍රිඩකයන් සඳහා දක්ෂතා අනුව ගෙවීම් කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සුදානම් වෙයි. ඒ සඳහා ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිතයි. ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයන් මෙම යෝජනාවට එතරම් කැමැත්තක් නොදක්වන බව ආරංචි මාර්ග කියා සිටි. ශ්‍රි ලංකා කණ්ඩායමේ ක්‍රිඩකයන්ට අති විශාල මුදල් ප්‍රමානයක් වැටුප් ලෙස ගෙවා ඇතත් බොහෝ දෙනෙකු තම වගකීම නිසි පරිදි ඉටුකිරීමට අසමත් විය. මෙවැනි විශාල වැටුප් ලබාදිම සම්බන්ධයෙන් බොහෝදෙනාගේ විරෝධය ද එල්ලවී ඇත. ඉදිරි ලෝක කුසලාන තරගාවලියට පෙර නව ගිවිසුම අත්සන් කිරීම අපේක්ෂාවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *