බ්‍රිතාන්‍ය අගමැතිනිය යුරෝපා රටවල සංචාරයක

Share Button

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ යුරෝපා රටවල සංචාරයක් අරඹයි. සංගමයෙන් ඉවත්වීම ජූනි මස අග දක්වා කල් දමාගැනීම සඳහා සිය යුරෝපා සගයන්ගේ අනුමැතිය ලබාගැනීම එහි අරමුණයි.

ජර්මනියට ගිය ඇයව එරට චාන්සලර් ඇන්ජෙලා මාර්කෙල් විසින් උණුසුම්ව පිලිනොගත් බවද වාර්තා වේ. දෙදෙනා අතර සාකච්ඡාවේ දී යුරෝපා සංගමයෙන් ක්‍රමානුකූලව පිටවීමක් කෙරෙහි පමණක් අවධානය යොමුව තිබේ.

අනතුරුව ඇයගේ ගමනාන්තය ප්‍රංශයයි. ජනාධිපති එමැනුවල් මැක්‍රොන් සමග සාකච්ඡා ඇයට පහසු නොවනු ඇතැයි විචාරකයෝ පවසති. යුරෝපා සංගමයේ ව්‍යවස්ථාව උල්ංඝණය වන ආකාරයේ කිසිදු පියවරකට ඉඩක් නැති බව ප්‍රංශය විසින් මීට පෙර සඳහන් කර තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *