ඉන්දියාවේ වාර්ෂික ජනගහන වර්ධන වේගය චීනයද ඉක්මවයි

Share Button

මේ වසරේ ඉන්දිය ජනගහනය බිලියන එකයි දශම තුනයි හයක් වනු ඇතැයි එක්සත් ජාතින්ගේ ජනගහන අරමුදල සදහන් කරයි. ඒ අනුව එරට ජනගහනය 2010 සිට වාර්ෂිකව සියයට එකයි දශම 02 කින් ඉහළ ගොස් තිබෙ.් මෙය චීනයට ද වඩා දෙගුණයකට වැඩි ඉහළ යාමකි. මේ වසරේදි චීන ජනගහනය බිලියන එකයි දශම 04 යි දෙකකි ඔවුන්ගේ වාර්ෂික ජනගහන වර්ධනය මේ වනවිට සියයට දශම පහක් බවට පත් වී තිබෙ.් මේ අතර ඉන්දියාවේ ආයු අපේක්ෂාව ද ඉහළ ගොස් ඇත. 1969 දි එරට ආයුකාලය අවුරුදු 47 ක් වු අතර 1994 දි අවුරුදු 60 ක් දක්වා ඉහළ ගොස් තිබිණි. නවතම වාර්තාව අනුව මේ වසරේදි එරට ආයු අපේක්ෂාව වයස අවුරුදු 69 දක්වා ඉහළ ගොස් තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *