පකිස්තාන වයස අවුරුදු 19 න් පහල ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක

Share Button

තරග සංචාරයකට සහභාග්ීවිම සදහා පකිස්තාන වයස අවුරුදු 19 න් පහල ක්‍රිකට් කණ්ඩායම ලබන 30 වැනිදා දිවයිනට පැමිණෙයි.  එම කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහල ක්‍රිකට් කණ්ඩායම අතර සිව්දින තරග දෙකක් සහ එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.  පළමු සිව්දින තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී ලබන මස 03 වැනිදා ඇරඹෙයි.  02 වැනි සිව්දින තරගය ලබන මස 09 වැනිදා ආරම්භ වන්නේ හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදීය.  කණ්ඩායම් දෙක අතර එක්දින තරගාවලියේ පළමු තරගය ලබන මස 15 වැනිදා සුරියවැව ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.  දෙවන එක්දින තරගය ලබන මස 17 වැනිදා එම ක්‍රිඩාංගනයේදීම පැවැත්වෙන අතර තුන්වන සහ අවසන් එක්දින තරගය ලබන මස 20 වැනිදා පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදීය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *